Monday, January 12, 2026
Follow Us
ප්‍රබල ඇමතිකමක් සමග බැසිල් ලබන සතියේ පාර්ලිමේන්තුවට

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇති බව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව ලබන සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට නියමිත බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

ඉන් අනතුරුව ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය ඒ මහතා විසින් භාරගැනීමට නියමිත බවද එම නිලනොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවද දැනගන්නට තිබේ.

(Lanka Leads)