Tuesday, August 19, 2025
Follow Us
20 වැනි සංශෝධනය පෙට්ටියේ බහා තබා ජනතාව ජීවත් කරවීමට මැදිහත් වෙමු - කරු ජයසූරිය

කොවිඩ් 19 වෛරසය රටතුළ ව්‍යාප්ත වෙමින් තිබියදී පසුගිය දිනවල 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් ආණ්ඩු පාර්ශ්වයේ මහජන නියෝජිතයන් කටයුතු කළ ආකාරය ජනතාවට රහසක් නොවන බව සධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. සෞඛ්‍ය බළධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට වෙහෙසෙද්දී ජනතා ඡන්දයෙන් බලයට පත් මහජන නියෝජිතයන් බල තන්හාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව රටම බලා සිටි බව ජයසූරිය මහතා පවසනවා.

20 වැනි සංශෝධනයේ පෙට්ටගමක බහා තබා දැන් හෝ ජනතාව ආරක්ෂා කර ගැනීමේ සහ ජනතාව ජීවත් කරවීමේ කාර්යභාරයට කැපවිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා අවධාරණය කරනවා.

(LNW)