Monday, January 12, 2026
Follow Us
රාජපක්ෂලාට වින කළ යහපාලන ලොක්කන්ගේ නම් ලැයිස්තුව රවි දෙයි

රාජපක්ෂවරුන්ට එරෙහිව සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැඩි බලපෑම් එල්ල කළ යහපාලන රජයේ දේශපාලන ප්‍රබලයින්ගේ නම් ඇතුළත් රහස්‍ය ලේඛනයක් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් වී තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර විසින් එම ලේඛනය ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

එම ලේඛනයෙහි නම් සඳහන් පිරිස් සන්නද්ධව හැසිරෙමින් සිටින හෙයින්, ඒ පිළිබඳව අනාවරණය කළහොත් තමාට ජීවිත තර්ජන ඇතිවිය හැකි බව ජනාධිපති කොමිසම හමුවේ පැවසූ රවී වෛද්‍යාලංකාර, එම නිසා අදාළ ලේඛනය රහසිගතව ඉදිරිපත් කරන බවද පැවසීය.

(Aruna)