ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (එම්.සී.සී.) අත්සන් කරන දිනයක් පැමිණිය හොත් එතැන් සිට ආණ්ඩුවේ නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පැවසීය.
එමෙන්ම එම ගිවිසුම ආණ්ඩුව අත්සන් නොකරන බව ඇමැති මණ්ඩල සාමාජිකයෙක් ලෙස වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ඒ මහතා කීවේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘‘මයික් පොම්පෙයෝ නෙවෙයි කවුරු ආවත් රටේ අභිමානය රැකගෙන රටේ ස්වෛරීත්වය රැකගෙන කටයුතු කරන්න පුළුවන් නායකත්වයක් අපිට තියෙනවා.’’ යැයි ද කී විමල් වීරවංශ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ශ්‍රී ලංකාවට පැමිණියේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට බව යම් පිරිසක් පැවසුවද, ජනමාධ්‍ය පොම්පෙයෝගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඔහු පැවසුවේ එම්.සි.සී. ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා රජයේ තීරණයක් මිස ඔවුන්ගේ කර්තව්‍යයක් නොවන බව යැයිද සඳහන් කළේය.
‘‘එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියන එක ජනාධිපතිවරයාගේ සෘජු ස්ථාවරයක්. ඇමරිකාව යම් ගිවිසුමක් අත්සන් කරන්න ඉන්දියාවේ බලධාරීන්ට කළ බලපෑම තරම්වත් ශ්‍රී ලංකාවට බලපෑම් කරලා නෑ. අද තියෙන්නේ ස්වදේශිකත්වය තමන්ගේ ශක්තිය බවට පත් කරගත් පාලනයක්. ගෝඨාභය ‘‘ජනාධිපතිවරයාට ජාත්‍යන්තරය ඉදිරියේ රට පාවලා දෙන්නේ නෑ’’ කියලා කියන්න කොන්ද පණ තිබ්බා. අපි එතුමා විශ්වාස කරනවා. ඒ නිසා බිය විය යුතු නෑ.’’ යැයි විමල් වීරවංශ තවදුරටත් සඳහන් කළේය.
(Aruna)