Tuesday, August 19, 2025
Follow Us
20 ට ඡන්දේ දුන් ඩයානා ඇතුළු 9 ම සමගි ජනබලෙන් එලවයි

සමගි ජන බලවේගය නියෝජනය කරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමෙන් නෙරපා හැරිය බවට දැක්වෙන ලිපියක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

මෙසේ නෙරපා ඇත්තේ පසුගියදා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසකටයි. ඒ අනුව සමගි ජන බලවේගයේ උප ලේකම් ඩයනා ගමගේ මහත්මිය සහ සෙසු මන්ත්‍රීවරුන් 8දෙනායි මෙලෙස නෙරපා හැර ඇති බව සඳහන්ව ඇත්තේ.

මේ අනුව අදාල මන්ත්‍රීන් පිරිසට’ පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙස මෙලෙස ලිපියෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය සහ අරවින්ද් කුමාර්,ඉෂාක් රහුමාන්,ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, නසීර් අහමඩ්, ඒ ඒ එස් එම් රහීම් යන මහත්වරුන් සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපා හැර ඇති පිරිස බව පැවසේ.

(Aruna)