Monday, January 12, 2026
Follow Us
පානදුර නගර සභාවේ නගරාධිපතිගේ රියදුරුට කොවිඩ් : නගර සභාවේ නිලධාරින් රැසක් ස්වයං නිරෝධායනයට

පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක ගේ නිල රථයේ රියදුරු කොවිඩ්- 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් බවට සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් පානදුර නගර සභාවේ සියලුම සේවක සේවිකාවන් PCR පරීක්ෂකණවලට යොමු කිරීමට පානදුර මහජන සෞඛ්‍ය බලධාරින් අද කටයුතු කරනු ලැබුවා.

මෙම තත්ත්වය මත නගරාධිපතිවරයා ඇතුලු මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන්ද අදාළ සේවකයින්ද සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පානදුර සෞඛ්‍ය අධිකාරි කාර්යාලය කටයුතු කොට ඇත. සිදුකළ PCR පරීක්ෂණ වල ප්‍රථිපල හෙට දිනයේදී ලැබීමට නියමිතව ඇති බව සඳහන්.

(Neth)