Monday, January 12, 2026
Follow Us
බදුර්දීන් තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා ලබන 10 වැනිදා දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පුත්තලම අවතැන් කඳවුරුවල ජීවත් වන පිරිසකට ඡන්දය භාවිතා කිරීම සඳහා මන්නාරම වෙත යෑමට රජයේ මුදල් භාවිතා කිරීමේ සිද්ධියකට අදාලව බදියුදීන් මහතා පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

මන්ත්‍රීවරයා නොවැම්බර් 10 වැනිදා නැවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(LNW)