කොවිඩ් 19 වෛරසය නැවත ව්‍යාප්ත වීමත් සමග මේ වනවිට රටපුරා සාමාන්‍ය ජනතාව ලක්ෂ ගණනක් පීඩාවට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සෑම ක්ෂේත්‍රයක්ම, සෑම අංශයක්ම අඩපණ වී ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
වෛරසය ව්‍යාප්ත වීම බරපතල තත්වයට පත්ව ඇතිවීම මෙන්ම ජීවත් වීමද මේ වනවිට ජනතාවට බරපතල ගැටලුවක් වී ඇති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ රජය මේ සඳහා හැකි ඉක්මනින් විසඳුම් ලබාදිය යුතු බවයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෙතරම් ආර්ථික ගැටලු, මුල්‍ය අර්බුද පැවතියද රජයකට මෙවැනි අවස්ථාවක අහක බලාගෙන සිටිය නොහැකි බවත්, ඒ නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ අත්‍යවශ්‍යම අවශ්‍යතා පිළිබඳව හෝ රජය අවධානය යොමුකර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැළසිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
(LNW)