Monday, January 12, 2026
Follow Us
රිෂාඩ් සහ හකීම් සමගි ජන බලවේගයෙන් ඉවත් කරන්න සූදානමක්

සමගි ජන බලවේගයේ සන්ධාන ගත මුස්ලිම් කොංග්‍රසයේ සහ ජාතික සමගි පෙරමුණේ සියලුදෙනා සමගි ජන බලවේගයෙන් නෙරපීමට එහි තරුණ මන්ත්‍රීවරුන් මේ වන විට නායක සජිත් ප්‍රේමදාසට බලපෑම් කරමින් සිටින බව ආරංචි මාර්ග කියයි.

20 වන ආණ්ඩුක්‍රම වන්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්ද ලබාදීමට සිය මන්ත්‍රීවරුන් මෙහෙයවීම ගැන මෙම පක්ෂ දෙකේ නායකයින් වන රවුෆ් හකීම්ට හා රිෂාඩ් බදියුදීන්ට ද මෙම මන්ත්‍රීවරුන් චෝදනා එල්ල කරන අතර, ඔවුන් දෙදෙනා ද නෙරපිය යුතු බවට ප්‍රකාශ කර ඇත.

මේ අනුව ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් සමගි ජන බලවේගයෙන් නෙරපීම සිදුවිය හැකි බව දේශපාලන ආරංචි කියයි.

(Aruna)