Sunday, August 17, 2025
Follow Us
පනින මන්ත්‍රීවරුන් පන්නන්න සමගි ජන බලවේගය තීන්දු කරයි

20 වන සංශෝධනයට එරෙහිව ජන්දය භාවිතා කිරීමට මීට ප්‍රථම පැවැති කණ්ඩායම් රැස්වීමේදී ගත් තීන්දුව කඩ කරන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.

අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී ඇති සමගි ජන බලවේගයේ විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ.

මෙහිදී මන්ත්‍රීවරුන් විමසා ඇත්තේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු 20ට සහාය දීමට සූදානමින් සිටින බවට ඇතැම් මාධ්‍ය වාර්තා කොට ඇති බවකි.

එහිදී මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂ තීන්දුව කඩකරමින් කටයුතු කරන මන්ත්‍රීවරයෙකු වේ නම් ඔහු හෝ ඇය පක්ෂයෙන් ඉවත් කිරීමට නියත වශයෙන්ම කටයුතු කරන බවකි.

(Lanka LEads)