Monday, January 12, 2026
Follow Us
බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා.

ඒ සඳහා ඔහු මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම මාරු කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය නෙත් නිවුස් වෙත පැවසුවේ. බන්ධනාගාර ගත වන සියලූ‍ රැඳවියන් දින 14 ක් නිරෝධනයට ලක් කෙරෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් රඳවා තැබිය යුත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේයි. කොළඹ බන්ධනාගාර වල රඳවා තැබෙන රැුඳවියන් දින 14 ක නිරෝධායනයට යොමු කරනු ලබන්නේ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේයි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් ද පල්ලන්සේන බන්ධනාගාරයට යොමු කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය කියාසිටියේ.

එම බන්ධනාගාරයේ වෙනම සිර මැදිරියක විශේෂ ආරක්ෂාවක් යටතේ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ .

(Neth)