20 වන සංශෝධනයට විරුද්ධව මත පළ කරන මැතිඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග වෙනම සාකච්ජාවක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.
අද (19) සවස පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට පළමුව හෝ ඉන් අනතුරුව මෙම රැස්වීම පවත්වන ලෙස මෙම පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.
මෙහිදී 20 සම්බන්ධයෙන් දැනට මතුව ඇති ගැටලු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග ඍජුව සාකච්ජා කිරීමටද පිරිස සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
(Lanka Leads)