Sunday, August 17, 2025
Follow Us
20ට සහය දෙන්නැයි ආණ්ඩුව මගෙන් ඉල්ලුවා – මම බැහැ කිව්වා – රවුෆ් හකීම්

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් තමන්ට ආරාධනා ලැබුණු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හෙළිදරව් කර තිබේ.

එහෙත් තමාට ප්‍රතිපත්තිමය කාරනා මත 20 වන සංශෝධනයට සහය දිය නොහැකි බව තමාට කතා කල ආණ්ඩුවේ නියෝජිතයින්ට දැනුම් දුන් බවද හකීම් මහතා අවධාරණය කරයි.

එහෙත් තම පක්ෂය නියෝජනය කරන ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනා පිළිබඳව තමන්ට වගකීමක් ගැනීමට නොහැකි බවද හකීම් මහතා සඳහන් කරයි.

(Lanka LEads)