පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුද්දීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බද්යුද්දීන් හට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විජේදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී මාධ්‍යවේදින් ප්‍රශ්න කර සිටියේ එතුමාගේ ප්‍රකාශය වගකීම් සහගතද යන්නයි. පිළිතුරු දෙමින් එතුමා ප්‍රකාශ කර සිටියේ තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි යනුවෙනි.
එහෙත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේද යන්න තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු අවධාරණය කළේය.
(Lanka Leads)