Sunday, August 17, 2025
Follow Us
20ට විරුද්ධයි : නව ව්‍යවස්ථාවකට සහය දෙනවා – කරු ජයසූරිය

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය විරුද්ධ වන බව එහි සභාපති හිටපු කතා නායක කරු ජයසූරිය මහතා පවසයි.

තමන්ගේ යෝජනාව වන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොව රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා කැපවිය යුතුය යන්න බව යැයි ජයසූරිය මහතා වැඩිදුරටත් කීය.

වත්මන් ජනාධිපතිතුමා එතුමාට ලැබුණු ලක්ෂ 69ක ජනවරම තුළ ක්‍රියා කිරීම සාධාරණ වුවත් විපක්ෂයටද ඡන්ද ලක්ෂ 62ක් ලැබී ඇතැයි කියූ ජයසූරිය මහතා මෙබඳු සංශෝධනයක් නොමැතිව වත්මන් ජනාධිපතිවරයා කොවිඩ් වසංගතය හා කුඩු පාතාලය මර්දනය කිරීමට ප්‍රශස්ථ වැඩකොටසක් කළ බවද සඳහන් කළේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ අගතියක් බව පැවසූ හෙතෙම අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නේ නම් ජනාධිපතිතුමාට ඒ සඳහා පූර්ණ සහය පළකරන බවද ප්‍රකාශ කළේය.

(Lanka LEads)