Friday, June 19, 2026
Follow Us
රථවාහන දඩ ඇතුළු රජයේ ගෙවීම් රැසක් දැන් SLT-MOBITEL mCash වෙතින් GovPay හරහා
රාජ්ය සේවාවන් ඩිජිටල්කරණය කර වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් පද්ධති පාදක ක්රමවේදයකට පරිවර්තනය කිරීමේ ජාතික මෙහෙයුමේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, ICTA (වත්මන් GovTech) සහ LankaPay එක්ව සනිටුහන් කර ඇත.
ඒ අනුව, රජයේ නිල ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay සමඟ SLT-MOBITEL mCash සේවාව සාර්ථකව ඒකාබද්ධ කර ඇති අතර, මින්පසු ජනතාවට තමන්ගේ රථවාහන දඩ මුදල්, උපයෝගීතා බිල්පත්, අධ්යාපන ගාස්තු, සෞඛ්ය සේවා ගාස්තු, රාජ්ය ආයතන ගාස්තු ඇතුළු රාජ්ය ආයතන 280කට අධික සංඛ්යාවක සේවා 4,090කට වැඩි ප්රමාණයක් සඳහා වන ගෙවීම් ඉතා පහසුවෙන් බාධාවකින් තොරව දුරකථනයෙන්ම සිදු කිරීමට අවස්ථාව සැලසේ.