Thursday, June 18, 2026
Follow Us
ලෝකය දිනූ ටාවි දිවයිනට
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ශ්රේණිගත කිරීම් තරගාවලි 3 කදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් මේස පන්දු ක්රීඩක ටාවි සමරවීරඅද උදේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් දිවයිනට පැණියේ ය. 
කොස්වෝ රාජ්යේ පැවති මේස පන්දු ලෝක ශ්රේණිගත කිරීම් තරගාවලියේදී වයස අවුරුදු 11 න් පහළ සහ අවුරුදු 13 න් පහළ අවසන් තරගවලින් ටාවි සමරවීර ජයග්රහණ හිමි කර ගත්තේය.
ඒ, අවුරුදු 11 න් පහළ අවසන් තරගයෙන් රන් පදක්කමත් 13 න් පහළ තරගයෙන් රිදී පදක්කමත් වශයෙන්.
මෙම තරගාවලියේදී, ශ්රී ලංකා මේස පන්දු ක්රීඩකයෙකු වයස අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ අංශ දෙකෙහිම මේස පන්දු අවසන් මහා තරගවලට සහභාගී වූ පළමු අවස්ථාව ද මෙය වේ.
නෝර්වේ රාජ්යයේ සැන්ඩිෆියුට් හි පැවති ලෝක ශ්රේණිගත කිරීම් තරගයේදී අවුරුදු 13 න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද ටාවි සමරවීර සමත් විය. එම තරගාවලියේ 15 න් පහළ අංශය නියෝජනය කරමින් ඔහු, හොඳම 8 දෙනා අතරට පැමිණියේය.
ටාවි සමරවීර මේ වන විට දකුණු ආසියානු කලාපයේ අවුරුදු 11 න් පහළ සහ 13 පහළ ශ්රේණිගත කිරීම්වල ප්රථම ස්ථානයේ පසු වේ.
ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ 6 වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන ශිෂ්යයෙක්.