විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (11) පස්වරුවේ අත්හිටුවූ බව වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද (12) පැවැත්වෙන බව ද එම වෘත්තීය සමිති සඳහන් කරයි.
කම්කරු කොමසාරිස්වරයා සහ නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමඟ ඊයේ (11) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.
වර්ජනය අත්හිටුවීමට ප්රධානතම හේතුව වී ඇත්තේ සිය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (12) දිනයේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව ලබාදෙන බවට කම්කරු කොමසාරිස්වරයා ලබාදුන් පොරොන්දුව බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.