Wednesday, March 11, 2026
Follow Us
තෙල් බැරල් මිලියන 400ක තොගයක් වෙළඳපොළට

මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මර්දනය කිරීම සඳහා තෙල් බැරල් මිලියන 400ක් වෙළෙඳපොළට මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA)එකඟතාව පළ කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව සංවිධානයේ ඉතිහාසයේ සිදු කෙරෙන විශාලතම මැදිහත්වීම ලෙස වාර්තා වේ. 

 වර්තමානයේ පවතින තෙල් වෙළෙඳපොළ අභියෝග පෙර නොවූ විරූ මට්ටමක පවතින බැවින් සාමාජික රටවල් 32ම මෙලෙස ඒකාබද්ධව තීරණයක් ගැනීම සතුටක් බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් 'Fatih Birol' මහතා ප්‍රකාශ කර තිබේ. 

බලශක්ති විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට ප්‍රවාහනය කෙරෙන තෙල් බැරල් මිලියන 20ක ප්‍රමාණය පියවා ගැනීමට මෙම මුදා හැරීම වුවද ප්‍රමාණවත් නොවන බවයි. 

ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් 20%ක්ම සපයනු ලබන්නේ මෙම පටු මුහුදු මාර්ගය හරහාය. 

පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දා සිට තෙල් මිල දැඩි ලෙස උච්චාවචනය වූ අතර, මේ සතිය ආරම්භයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 දක්වා ඉහළ ගියේය. 

 එක් එක් සාමාජික රටවල තත්ත්වයන් අනුව එය සිදු කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.