Tuesday, January 20, 2026
Follow Us
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුම්දීම් දුරකතන අංකයයක්
විෂ මත්ද්රව්ය වැටලීම සඳහා තොරතුරු ලබාගැනීමට දුරකතන අංකයක් හදුන්වාදීම සදහා පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි. එය මේ වසරේ සැළසුම් සහගතව ක්රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

 

නව ක්රමවේදය ඔස්සේ ප්රදේශීය පොලිස් කොට්ඨාස 47 ක් භාර නිලධාරීන් වෙත සෘජුවම තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට අවස්ථාව හිමිවනවා.
 
දිවයිනේ විවිධ ප්රදේශවල ව්යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්රව්ය සම්බන්ධයෙන් අදාළ අංක වෙත මහජනතාවට තොරතුරු ලබාදිය හැකියි.
 
2024 සහ 2025 වර්ෂයන්හි ශ්රි ලංකා පොලිසිය වෙත මහජනතාව ලබාදුන් සහය අගය කරන බවයි, නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්ය කොට්ඨාශය සඳහන් කරන්නේ. ලබාදෙන තොරතුරු වල රහස්යභාවය ආරක්ෂා කරන බවද, පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
අදාළ දුරකතන අංක පහත සඳහන් වේ.

616854710 1465128918506972 8036917452895692209 n

618124130 1465128815173649 4428889582176233873 n

616816773 1465128988506965 7891467049039471828 n