Tuesday, January 20, 2026
Follow Us
ශ්‍රී ලංකාව 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 වටයට සුදුසුකම් ලබයි
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්රි ලංකාව සමත්විය.
 
මූලික වටයේ සහභාගී වූ දෙවැනි තරගයෙන් අයර්ලන්තය පරාජය කරමින් මෙම අවස්ථාව හිමි කර ගෙන තිබේ.
 
තරගය නැමීබියා හිදී පැවැත් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රි ලංකාව පන්දුවාර 50 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 267 ත් රැස් කළා. නායක විමත් දින්සර ලකුණු 95 යි.
 
චාමික හීනටිගල නොදැවී ලකුණු 51 ක් රැස්කර තිබේ. පිළිතුරු ලෙස අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 40 යි එක් පන්දුවකදී සියලු ක්රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුනේ ලකුණු 161 ක් පමණයි.
ඒ අනුව ශ්රි ලංකාව තරගය ජයගත්තේ ලකුණු 106 කින්. පන්දුයැවීමේදී දුල්නිත් සිගේරා කඩුලු 04 ක් සහ රසිත් නිම්සර කඩුලු 03 ක් දවාගැනිණි.