Wednesday, November 19, 2025
Follow Us
"මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ වේවැස්ස නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබේ

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින්, බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් ප්‍රදේශවල ජීවත්වන වතු ප්‍රජාව වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත වේවැස්ස වත්තේ ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතිය සදහා මුල්ගල් තැබිම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) වේවැස්ස වත්ත වතුයායේදි පැවැත්විණි.

පසුගිය කාලයේ නායයෑමට ලක්වු වේවැස්ස ප්‍රදේශයේ පවුල් 18 ක් සදහා මේ යටතේ නව නිවාස ඉදිවන අතර මේ වෙනුවෙන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් වැයකරනු ලබන මුදල රුපියල් මිලියන 57.6 කි.

මෙම අවස්ථාවට මා සමග බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ සහෝදරයා, බදුල්ල ප්‍රාදේශීය සභා සභාපති ලලිත් ජයවර්ධන සහ ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය ද, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන, බදුල්ල ප්‍රාදේශීය ලේකම් තුෂාරි අනුරාධ නානායක්කාර යන මහත්ම මහත්මීන් සහ නිවාසලභි පවුල් වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි විය.