දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුව වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්රීකුණාමලය දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය. 2025 ජුනි මස 01 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
දිවයිනවටා වන මුහුදු ප්රදේශවල දැනට පවතින රළ උස සහ තද සුළං තත්ත්වයේ අඩුවීමක් අද දින සවස් කාලයේ සිට (01) බලාපොරොත්තු වේ.
වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සුළඟ:
සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය:
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු වේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (2.0– 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).
මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.