Saturday, February 14, 2026
Follow Us
ඉන්ධන මිල සංශෝදනය පිළිබඳ නිවේදනයක්

මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව අද (30) සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවය.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325කි.

ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 341ක් වන අතර ලංකා පෙට්‍රල් 92 ලීටයරයක මිල රුපියල් 293කි.

එමෙන්ම ලංකා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178කි.