දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබේ.
එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය, සහ රත්නපුර යි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ ඉදිරි පැය 36 කාලය තුළ උතුරු පලාතේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.