Monday, August 04, 2025
Follow Us
ඇමරිකාවෙ චීනෙ නායකයොත් මගේ පෞද්ගලික මිත්‍රයො හැබැයි ගමේ එකාලටම මාව වටින්නෙ නෑ - මෛත්‍රී

සමස්ත පොළොන්නරුව දිස්ත්‍රික්කයටම ඓතිහාසික වෙනසක් සිදුකළ තමා පිළිබඳව තමන්ගේ ගමේම ඇතැම් පුද්ගලයන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගමේ බහුතරයක් තමන්ගේ වටිනාකම හොඳින් හඳුනාගෙන සිටින නමුත් ඇතැම් පුද්ගලයන් පොළොන්නරුව ප්‍රතිනිර්මාණය කළ තමාට ඡන්දෙ දෙන්න එපා යැයි කියමින් ගමේ ඡන්දදායකයාගේ මතය වෙනස් කිරීමට උත්සාහ කරන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

තම ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ හඳුනා ගත් ඇමරිකාව, ඉන්දියාව, චීනය ඇතුළු බොහෝ රටවල රාජ්‍ය නායකයන් තවමත් තමා සමග පෞද්ගලිකව මිතුරුකම් පවත්වාගෙන යන බව පෙන්වා දෙන සිරිසේන මහතා පවසන්නේ තමන්ට අවශ්‍ය ඕනෑම වේලාවක එම රාජ්‍ය නායකයන් ඇමතිය හැකි තරම් එම හිතවත්කම් ශක්තිමත් බවයි. එවැනි පුද්ගලයෙකුගේ වටිනාකම පොළොන්නරුවේ ඇතැමුන්ට අද අමතක වී ඇති බවයි සිරිසේන මහතා පවසන්නේ.

තමාට ඡන්දය දෙන්න එපා යැයි කිියන පුද්ගලයන්ගෙන්, ඔවුන් පොළොන්නරුවට සිදුකර ඇත්තේ මොනවාදැයි අසන ලෙසත් ගමේ එකාගේ වටිනාකම තේරුම් ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.

(LNW)