Monday, August 04, 2025
Follow Us
බලයට ආවොත් 19 ශක්තිමත් කර ආරක්ෂා කරනවා – සජිත්

තමන් බලයට පැමිණියහොත් 19 වැනි ව්‍යවස්ථා සං​ශෝධනය තවදුරටත් ශක්තිමත් කොට ආරක්ෂා කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සම්පූර්ණ කිරීමටද කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළත් ඒ අඩුපාඩු මොනවාදැයි සඳහන් නොකළේය.

සමගි ජන බලවේගයේ නායකයා මේ බව සඳහන් කළේ ඊයේ (13දා) කොළඹදී පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය. තමන්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටු වුවහොත් වත්මන් ජනාධිපතිවරයා සමග රාජ්‍ය පාලනය කිරීමේ ගැටලුවක් ඇති නොවනු ඇතැයිද සජිත් ප්‍රේමදාස මෙහිදී විශ්වාසය පළ කළේය.

(Lanka LEads)