Monday, August 04, 2025
Follow Us
ශ්‍රී ල.නි.ප.ය ප්‍රසන්නට එරෙහිව නඩු මගට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම විවේචනය කිරීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංගට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුමකට එළඹ යැයි ද එසේ තිබියදී සන්ධානගත වූ පක්ෂයක සාමාජිකයකු වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකරන ලෙස නියමින් හෝ අනියමින් බලපෑම් කිරීමට හෝ ඉල්ලීමට හෝ නොහැකිය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥයන්ගේ මතය වී ඇත.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වූ දින සිට ම ප්‍රසන්න රණතුංග හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවේචනය කරනු ලබන බවත් මෙම තත්ත්වය වැළැක්වීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බවත් නීතිඥවරු පවසති.

(Lanka Leads)