Monday, August 04, 2025
Follow Us
වහාම මැතිවරණය කල්දමන්න

කොරෝනා දෙවැනි රැල්ලක් මෙරට තුළ නිර්මාණය වී ඇති බවට ආණ්ඩුව පිළිගෙන ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

කොරෝනා දෙවැනි රැල්ල පිළිබද තොරතුරු දත්ත සංඛයාලේඛන සියල්ල නිකුත් කරනු ලබන්නේ ආණ්ඩු පාර්ශවයෙන් පමණක් බව සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.

එම තොරතුරුවල විනිවිද භාවයක් සත්‍යතාවයක් තිබෙනවාද යන්න පිළිබදව ව්‍යාකූලත්වයක් ඇති බව ද ඒ මහතා පවසයි.

වර්තමානය වන විට කොරෝනා දෙවැනි රැල්ලක් නිර්මාණය වී ඇති බව ආණ්ඩුව පිළිගෙන ඇති අතර, තමා ඇතුළු පක්ෂය මැතිවරණ කොමිසමට ගොස් මෙය මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලයක් නොවන බව පැවසූ බවත් ඔහු සදහන් කළේය.

මැතිවරණයක් පවත්වන බව පැවසූ විගස මැතිවරණ කොමිසමට හෝ කිසිදු පාර්ශ්වයකට එයට කොන්දේසි ඉදිරිපත් කිරීමට අයිතියක් නෙමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම නිසා අනවශ්‍ය නීති රෙගුලාසි පනවා ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන ලෙස තමා රජයට හා මැතිවරණ කොමිසමට පවසන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)