Monday, August 04, 2025
Follow Us
විපක්ෂය හාන්සියි අපිට වාසියි ඒ නිසා මොනව වුණත් මැතිවරණෙ තියන්න ඕන - පොදුජන පෙරමුණ

කිසිදු හේතුවක් මත මහ මැතිවරණය කල්දැමිය යුතු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ කොවිඩ් වෛරසය පිට දමා මැතිවරණය කල්දමා ගැනීමට විපක්ෂයට අවශ්‍ය වී ඇති බවයි.

ඔවුන් බෙදී වෙන් වී සිටින නිසා මැතිවරණය කල්දමා ගැනීමට උත්සාහ කරන බවත්, එහෙත් කිසිදු හේතුවක් මත මැතිවරණය කල්දැමීමට විරුද්ධ බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාද පවසන්නේ කොවිඩ් වසංගතය හෝ වෙනත් හේතුවක් මත මැතිවණය කල් නොදැමිය යුතු බවයි. කළයුත්තේ සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් දේශපාලනඥයනුත් ජනතාවත් ආරක්ෂා කර ගනිමින් මැතිවරණ කටයුතු සිදු කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් වෛරසයේ බලපෑම නැවත් උත්සන්න වීමත් සමග මැතිවරණය කල්දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් දක්වා තිබිණි.

(LNW)