මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.
ලෝකය පුරා වේගයෙන් පැතිරෙන කොරෝනා වසංගතය පාලනය කරන්න ආණ්ඩුව සමත් වී ඇති නමුත් අනාගතයෙන් මේ වසංගතය පැතිරීම වැළැක්වීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ගගන්නා බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.
"අද සමහර බංකොලොත් දේශපාලන පක්ෂ පටු දේශපාලන වාසි ගන්න කොරෝනා වසංගතය ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවනවා. ජනතාව මේ බොරු ප්‍රචාරවලට හසුනොවෙන්න වගබලා ගන්න ඕන. ඒ වසංගත තත්ත්වය මැද වුණත් මේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැක්කේ පොදුජන පෙරමුණට විතරයි. කුමන බාධක ආවත් රට ඉලක්කගත සංවර්ධනයක් කරා රැගෙන යන්න අපි සූදානම්. ඒ සඳහා වසංගතය අවසන් යැයි නොසිතා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සහාය දීම ජනතාවගේ වගකීමක්."
එජාප ආණ්ඩුව සමයේ මෙන් දේශපාලන පළිගැනීම් අපේ ආණ්ඩුවක් යටතේ සිද්ධ නොවන නමුත් තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
(LNW)