Monday, August 04, 2025
Follow Us
දයාසිරි - ප්‍රසන්න ආයෙත් ඇවිලෙයි ! පක්ෂෙ මිනිස්සුන්ට මෙහෙම නං ඡන්දෙ දෙන අයට කොහොම සලකයිද - දයාසිරි

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නායකත්වයට පත්කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින්ම බවත්, තමන් විසින් සිදුකළ එකම වරද පක්ෂ නායකත්වයට අවංක ලෙස කටයුතු කිරීම බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අවංකව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ බවත්, එසේ කටයුතු කළ ශ්‍රීලනිපයට තමන්ගේ කණ්ඩායමෙන්ම විවිධ කෙනෙහිලි සිදුවන බවත් ඔහු පෙන්වා දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා දිගින් දිගටම ශ්‍රීලනිපය විවේචනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ප්‍රසන්න රණතුංග මහතා මේ සිදු කරන්නේ ඉහළට නැගීම සඳහා භාවිතා කළ ඉනිමගට පයින් ගැසීමක් බවත්, තමන්ගේ පක්ෂයේ අයටම මෙසේ සලකන්නේ නම් ප්‍රසන්න රණතුංග මහතා වැනි පුද්ගලයන්ට ඡන්දය ලබාදෙන ජනතාවට සලකන්නේ කුමන ආකාරයෙන්ද යන්න ජනතාව විසින් අ‍වබෝධ කරගත යුතු බවත් ශ්‍රීලනිප ලේකම්වරයා පවසනවා.

ආයෝජන ප්‍රවර්ධන, සංචාරක වැනි භාරදූර ඇමති තනතුරක් ලැබූ ප්‍රසන්න රණතුංග මහතා අඩු අධ්‍යාපනය සුදුසුකම් සහිත පුද්ගලයෙකු යැයි කිසිවිටෙකත් තමා නොසිතූ බවත් එහෙත් ඔහු සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් පුද්ගලයෙකු බවත් පෙන්වා දෙන ජයසේකර මහතා පවසන්නේ ඔහුගේ අධ්‍යාපන මට්ටම කට ඇරුණු සැනින් හොඳින්ම පෙනීයන බවයි.

ප්‍රසන්න රණතුංග මහතා පිළිබඳව පත්තර පිටුවක් නොව පොතක්ම ලිවීමට තරම් කරුණු තමා දන්නා බව ද දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහුගේ කප්පම් ගැනීම්, ප්‍රසන්න රණතුංගගේ මිනුවන්ගොඩ පාතාලය, කුඩු තිප්පොලවල් පිළිබඳව ඕනෑතරම් කරුණු ඉදිරිපත් කළහැකි බවත් ජයසේකර මහතා පවසනවා.

ආයෝජන ප්‍රවර්ධන, සංචාරක වැනි ඇමති තනතුරු ලබා දී ඇත්තේ එවැනි අට පාස් පුද්ගලයෙකුට බව ද ඔහු පෙන්වා දෙනවා.

(LNW)