Monday, August 04, 2025
Follow Us
මාතර රනිල්ගේ අපේක්ෂකයෝ දෙන්නෙක් කලින්ම පොහොට්ටුවට යයි

එන්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු අද (10) දින පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීන්දු කර තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ අකුරැස්ස ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වත්මන් අපේක්ෂක චන්දන ප්‍රියන්ත ( පොඩි කඩේ ප්‍රියන්ත ) සහ වත්මන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක හක්මණ සමුපකාරයේ හිටපු සභාපති එස්.ඩබ්ලිව් ප්‍රේමරත්න මහතාය.

පොහොට්ටුවේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ දෙදෙනා පොහොට්ටුවට එක්වූහ.

(Lanka Leads)