ලොව ප්රබලතම නායකයන්ටද පාලනය කළ නොහැකි වූ, හිසරදයක් වූ කොරෝනා වෛරසය පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව ඇති හෙයින් කිසිදු බියකින් තොරව ජීවත් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ඩිලාන් පෙරේරා මහතා ජනහමුවකදී ප්රකාශ කළේ තමන් මුඛ ආවරණ භාවිතා නොකරන බවයි. කොරෝනාවලට බිය නොවී ජීවත් වීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ නිසා තමන්ගේ මුඛ ආවරණය වාහනයේ තබා රැස්වීමට පැමිණි බවත් ඩිලාන් පෙරේරා මහතා එහිදී පැවසීය. මෙවැනි වාතාවරණයක් ඇති වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්රහණය කළ බැවින් බව පෙන්වා දෙන හිටපු මන්ත්රීවරයා පවසන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත්වූයේ නම් අද ඩොසර්වලින් මළමිනී වළ දමන තත්වයට පත්වන්නට ඉඩ තිබූ බවයි.
මේ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය මිල කළ නොහැකි බවද ඩිලාන් පෙරේරා මහතා පවසනවා. එදා රටේ බහුතර ජනතාව ඡන්දයේ වටිනාකම නිවැරදිව තේරුම් ගෙන කටයුතු කළ බැවින් එවැනි අවාසනාවන්ත තත්වයක් ඇති නොවූ බවත්, මෙවරද බහුතර ජනතාව සිය ඡන්දයට එවැනිම වටිනාකමක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.
(LNW)