Monday, August 04, 2025
Follow Us
පොලොන්නරුවේ තියෙන්නේ ගුත්තිල – මූසිල තරගයක්… මූසිලලා දැන් බොස්ට බැණ බැණ යනවා… ඡන්දය දිනන එක මට කිරිකජු කනවා වගේ

”මම හය වතාවක් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළවෙනියා විදිහට පාර්ලිමේන්තු ගියා. අද පොලොනන්රුවේ තියෙන්නේ ගුත්තිල මූසිල තරගයක්. එදා මේ මූසිලලාගේ බොස් තමයි මම. අද මේ මූසිලලා බොස්ට බැණ බැණ යනවා. මට බණින අයට මම මොනවත් කියන්නේ නැහැ. ජනතාව නිසි වෙලාවට ඒවට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නවා. මම බුදුදහමට අනුව ජීවත්වන කෙනෙක්. මට මේ ඡුන්දය කිරිකජු කනවා වගෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රික් අපේක්ෂක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිරිපුර, පල්ලේගම පැවැති ජනහමුවක දී පැවසීය.

හිටපු ජනාධිපතිවරයා තව දුරටත් මෙසේද කීවේය.

”මේ වතාවේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට තරග කරන අපේ කණ්ඩායමේ සමහරු අවුරුදු දහයකට වැඩිය පාර්ලිමේන්තුවේ හිටියා. දිස්ත‍්‍රික්කයේ සංවර්ධනයට මොනවද කළේ කියලා ඡුන්දේ ඉල්ලගෙන ඔබේ නිවසට ආවම එයාලගෙන් අහන්න. මම ජනාධිපති වෙලා දිස්ත‍්‍රික්කයේ වෙහෙර විහාර විතරක් 113 ක් හැදුවා. මම මට බණින කිසිකෙනකුට මම අපහාස උපහාස කරන්නෙ නැහැ. අවුරුදු 30 ක් පුරාවට පොලොන්නරුව ජනතාවගේ දියුණුවට කටයුතු කළ මම හොඳට පිං කරපු කෙනෙක්. ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයා ධර්මය විසින් ආරක්ෂා කරනවා. මාව මරන්න මගේ ගෙදරට ආව එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියාට පවා සමාව දුන්නා. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම කරලා නැහැ. වංචාව, දූෂණය, හොරකම කවදාවත් මගේ ළග තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව හැමදාම මා සමග සිටියා.
මෙවර මැතිවරණයට මුළු ලංකාවෙන්ම අපේක්ෂකයෝ 1500 ක් විතර ඉදිරිපත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවට යන්නේ 225 යි. මේ අයගෙන් කොටසක් ආණ්ඩු පක්ෂයටත් තවත් පිරිසක් විපක්ෂයටත් යනවා. විපක්ෂයට යන අයගේ රාජකාරිය විවේචනය කිරීම විතරයි. මෙය අපේ රටේ තිබෙන නරක දේශපාලන සම්ප‍්‍රදායක්. අපි මෙම තත්ත්වය වෙනස්කොට ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක්”

(Lanka Leads)