Monday, August 04, 2025
Follow Us
සජිත් සමග ගිය 150ක් එජාපයෙන් එළියට

සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන සභිකයන් එකසිය පනහකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (08 වැනිදා) තීරණය කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

මෙම අයගේ පක්ෂ සාමාජිකත්වය ලබන 16 වැනිදා වන විට අත්හිටුවීමට තීරණය කළ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන සභිකයන් වෙනුවට නවක සභිකයන් පත් කිරීමටද නියමිතය.

සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීම පිළිබඳව නිදහසට කරුණු විමසා මෙම සභිකයන් වෙත පක්ෂය විසින් ලිපි යොමු කරන තිබිණි. නමුත් ඔවුන් එම ලිපි මාධ්‍ය හමු පවත්වමින් ප්‍රසිද්ධියේ පුලුස්සා දමා තිබිණි.

(Lanka Leads)