Wednesday, January 14, 2026
Follow Us
රට වෙනුවෙන් ගෝඨා ශක්තිමත් කරනවා – මෛත්‍රි

රටට වැඩ කිරිමේදී තමන් පක්ෂ පාට නොසලකා කටයුතු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලංකාපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

රටක් කරගෙන යාමේදී නොයෙකත් බාධා පැමිණෙන බවත් තමන් ද එවැනි විවිධ බාධාවන් විදි බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට ගැන සිතා ජනාධිපතිවරයාට සහය දක්වන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කලේ.

(Aruna)