Thursday, April 25, 2024
Follow Us
UNP කැඩුවේ සජිත් - අනාථ වුණු එජාප පාක්ෂිකයන් භාරගන්න මහින්දගෙන් පොහොට්ටු කණ්ඩායමට උපදෙස්

ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය නැවත රෙපෙයාර් කරන්න බැරි වෙන්නම සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් කඩා දමා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ගේ තරඟය තිබෙන්නේ ආණ්ඩු බලය ඇල්ලීමට නොව සිරිකොත බලය ඇල්ලීමට වන අතර රටක්ම එකතු වී සිරිකොත බලය ඇල්ලීම වෙනුවෙන් ජන්දය පාවිච්චි කළ යුතු දැයි රාජපක්ෂ මහතා විමසා සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට පවත්නා මෙම බෙදීම නිසා එම පාක්ෂිකයන් විශාල පිරිසක් පොහොට්ටුව සමඟ එක්වෙමින් සිටින අතර ඔවුන් භාර ගන්නා ලෙසයි අගමැතිවරයා සිය කණ්ඩායමට උපදෙස් දෙන්නේ.

අගමැතිවරයා මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නිවසේදී සංවිධානය කර තිබුණු ජන හමුවේදීය.

(LNW)