Wednesday, January 14, 2026
Follow Us
මම කොහෙත් කියන්නේ එකම දේ දිව දෙකේ කතා අපිට නැහැ - සජිත්

උතුරේත්,දකුණේත්,බස්නාහිරත්,නැගෙනහිරත් තමන් පවසන්නේ එකම දේ බව සමඟි ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහාතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ගම්පහ දොම්පේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

"අපි ළඟ දිව දෙකේ කතා නැහැ. දවල් මිගෙල් රෑ දනියෙල් කතා නැහැ. මම පැහැදිලිව කියනවා මේ ඒකීය ශ්‍රී ලංකාව රකින්නට ඕනේ. සිංහල බෞද්ධකමට මුල් තැන දෙන්න ඕනේ. හැබැයි ඒකීය ශ්‍රී ලංකාව තුළ බලය බෙදපු පළාත් සභා ක්‍රමය රටට ආදරය කරන පුද්ගලයෝ හැටියට රට ආරක්ෂා කරන පුද්ගලයෝ හැටියට නැවතත් වරක් තවත් LTTE ක් නිර්මාණය වෙනවට විරුද්ධ පුද්ගලයින් හැටියට මම අදත් කියනවා අනාගතයේදීත් කියනවා පළාත් සභා ක්‍රමය රැක ගන්නට ඕනේ."

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව නම් එදා වේල ටුවර්ස් ආණ්ඩුවක් බවයි සජිත් ප්‍රේමදාස මහත් වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

(LNW)