Saturday, April 20, 2024
Follow Us
අභියෝගය වෙනුවට දයාසිරිගෙන් ප්‍රසන්නට යෝජනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවිච්ච එකෙකුටවත් ජන්දය දෙන්න එපා කියන ප්‍රසන්න රණතුංග මහතාට කළ හැකි හොඳම දෙය සිය පියාණන් වූ රෙජි රණතුංග මහතාගේ සොහොන අසලට ගොස් ඔය කතාව කියන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එවිට රෙජි රණතුංග මහතා සොහොනෙන් නැගිට ප්‍රසන්න රණතුංග මහතාට කණේ පහරකුත් ගසා මේ අපි හැදුන තැන බව තේරුම් කර දෙනු ඇති බවද මහ ලේකම් වරයා සඳහන් කරයි.

ආචාර්ය නාලක ගොඩහේවා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි යන ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණ ලැයිස්තුවේ සිටින බුද්ධිමතුන්ට අපොස සාමාන්‍ය පෙළ අසමත් ප්‍රසන්න රණතුංග මහතා අභියෝගයක් නොවනු ඇති බවද ජයසේකර මහතා සඳහන් කරයි.

(Lanka Leads)