Wednesday, January 14, 2026
Follow Us
රනිල්ගේ පාට සජිත් හොරෙන් අරන්

සමගි ජන බලවේගය සිය පක්ෂයේ වර්ණය ලෙස කොළ පාට භාවිත කිරීමට එරෙහිව පැමිණිල්ලක් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව සමගි ජන බලවේගයට ලබා ඇති වර්ණය නිල් පාට බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි. එහෙත් මැතිවරණ ව්‍යාපාරයට සමගි ජන බලවේගය කොළපාට භාවිත කිරීම නීති විරෝධී බව එක්සත් ජාතික පක්ෂයේ මතය වෙයි. මේ සම්බන්ධ පැමිණිල්ල මෙම සතියේ දී මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය යොමු කළ ලිපි මාධ්‍ය ඉදිරිපිට පුලුස්සා දැමූ බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීමටද කටයුතු යොදා ඇත. ඔවුන්ට පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීමේ ලිපි ඊයේ (07දා) යොමු කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා වෙනුවට නවක මන්ත්‍රීවරුන් සිව්දෙනකුගේ නම් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත යොමු කිරීමට ද එක්සත් ජාතික පක්ෂය කටයුතු යොදා ඇත.

(Aruna)