එළඹෙන මහ මැතිවරණයේ අපේක්ෂත්වයෙන් ඉවත්වීම සඳහා මැතිවරණ කොමිසම සමග තමන් ඉදිරියේදී සාකච්ඡා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත තෙවරප්පෙරුම පවසනවා.
ඔහු විසින් ප‍්‍රදර්ශනය කර තිබූ ප‍්‍රචාරක පුවරුවක් ඉවත් කිරීමට පොලීසිය විසින් ඊයේ (07) උත්සහ කිරීමේදී නොසන්සුන්තාවක් ද ඇතිවුණා.
එහි පැමිණි පොලිස් නිලධාරීන් සිය බිරිඳව ද තල්ලූ කළ බවත්, පසුව ඇය නාගොඩ රෝහලට ඇතුළත් කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත තෙවරප්පෙරුම සඳහන් කළා.
(Neth)