Friday, March 29, 2024
Follow Us
එජාපය පරදින බව වජිර අබේවර්ධන ප්‍රසිද්ධියේ පිළිගනී !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනය වෙනස් කරන බවට පොරොන්දු දෙන කිසිදු දේශපාලන පක්ෂයට ඡන්දය ලබා නොදෙන ලෙස එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. 19 වැනි සංශෝධනය ඉවත් කළහොත් සසර වසන තුරු දුක් විඳීමට සිදුවන බවත්, 19 වැනි සංශෝධනය ආරක්ෂා කළහොත් එජාපය පරාජයට පත් වුවද වසරක් ඇතුළත ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ.

එජාප මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.

ඒ නිසා පැරදුනාම ආණ්ඩු හදන දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස වජිර අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

සාමාන්‍යයෙන් මැතිවරණයෙන් ජය ගැනීම පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති පක්ෂ පවා ජනතාව ඉදිරියට ගොස් ප්‍රකාශ කරන්නේ තමන් ජය ගන්නා බවයි. එසේ පැවසිය නොහැකි නම් අවම වශයෙන් පරාජයට පත්වන බව නොකියා සිටීමට හෝ දේශපාලනඥයන් විමසිලිමත් වේ.

එසේ තිබියදී වජිර අබේවර්ධන මහතා ප්‍රසිද්ධියේම පවසන්නේ එජාපය පරාජයට පත්වන බවයි. අනෙකුත් පක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාවගෙන් ඡන්දය ඉල්ලද්දී වජිරලා ඡන්දය ඉල්ලන්නේ පරාජය වෙනුවෙනි.

(LNW)