Wednesday, January 14, 2026
Follow Us
මැතිවරණ ප්‍රචාරණ රැලිවල සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර ඉල්ලයි

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා අවසර ඉල්ලා මැතිවරණ අපේක්ෂකයන් කළ ඉල්ලීම් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇත.

විවිධ රාජ්‍ය ආයතනවල අනුග්‍රහය ලබා ගනිමින් සංගීත ප්‍රසංග පැවැත්වීමට අපේක්ෂකයන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

කොවිඩ් – 19 වයිරසය පාලනය කර මැතිවරණය පවත්වන බැවින් යළි ව්‍යාප්ත වීමක් ඇති විය හැකි බැවින් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව ලබා දිය නොහැකි බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දී තිබේ.

මැතිවරණ රැස්වීම්වලදී සංගීත ප්‍රසංග පැවැත්වීම තුළින් කොවිඩ් – 19 සෞඛ්‍ය මාර්ගෝපදේශද උල්ලංඝනය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

එහෙත් සංගීත ප්‍රසංග පැවැත්වීමේදී සිය පෞද්ගලික රථයෙන් පැමිණ එහි තුළට වී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ප්‍රසංග පැවත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දෙයි.

(Aruna)