Monday, August 04, 2025
Follow Us
තැපැල් ඡන්දය නිරීක්ෂණයට එක් නියෝජිතයකුට අවසර

තැපැල් ඡන්දය සලකුණු කරන අවස්ථාවන් නිරීක්ෂණය කිරීම සඳහා එක් සහතික කිරීමේ නිලධාරි කාර්යාලයකට පිළිගත් දේශපාලන පක්ෂයකට,ස්වාධීන කණ්ඩායමකට එක් නියෝජිතයෙකු බැගින් යෙදවීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන්ම,තැපැල් ඡන්දය සලකුණු කරන අවස්ථා නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දෙකකට පමණක් අවසරය ලබාදී තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (PAFFREL) හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට (CMEV) එක් නිරීක්ෂකයෙකු බැගින් යෙදවීමට අවසරය ලබාදී ඇත.

අදාළ සහතික කිරීමේ නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු කිසිවෙකුට පිළිගත් දේශපාලන පක්ෂයක්,ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් හෝ නිරීක්ෂණ සංවිධානයක් වෙනුවෙන් නිරීක්ෂණ කටයුතුවල යෙදීමට නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(Aruna)