Thursday, January 15, 2026
Follow Us
එල්ටීටීඊයට ළමා සොල්දාදුවන් හිටියෙ නෑ ෆොටෝවල ඉන්නෙ නාට්‍යවලට ගත්ත ළමයි

එල්ටීටීඊ සංවිධානය කිසි දිනෙක සොල්දාදුවන් ලෙස ළමුන් භාවිතා නොකළ බව හිටපු එල්ටීටීඊ නායකයෙකු වන කරුණා අම්මාන් පවසනවා. පසුගිය දිනවලදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ කරුණා අම්මාන් මේ බව සඳහන් කළේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.

ඔහු එහිදී පවසන්නේ, එල්ටීටීඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් වයස අවුරුදු 18 ට අඩු කිසිදු පුද්ගලයෙකු සංවිධානයට බඳවා ගැනීම සපුරා තහනම් කර තිබූ බවයි.

ලොවපුරා සැරිසරන එල්ටීටීඊ ළමා සොල්දාදුවන්ගේ ඡායාරූප සම්බන්ධයෙන් විමසූ විට කරුණා අම්මාන් සඳහන් කරන්නේ එම ඡායාරූපවල සිටින්නේ සැබෑ ළමා සොල්දාදුවන් නොවන බවයි. ඒවා තම සංවිධානය විසින් ප්‍රචාරක කටයුතු සඳහා නිර්මාණය කළ නාට්‍ය සඳහා යොදවා ගත් ළමා නළුවන්ගේ ඡායාරූප බව ද කරුණා අම්මාන් පවසා තිබෙනවා.

(LNW)