Monday, August 04, 2025
Follow Us
මෛත්‍රීට අගමැතිකම දෙනවැයි මහින්ද 2015ට කලින්ම කිව්වා නම් මේ ප්‍රශ්න මොකුත් නෑ - දයාසිරි

2015 ජනාධිපතිවරණය කැඳවන මොහොතේදී තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන බව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කළේ නම් පසුගිය යුගයේ ඇතිවූ ප්‍රශ්න කිසිවක් නිර්මාණය නොවන්නට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.

"මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා නම් එදා 2015 ජනාධිපතිවරණයට කලින් මෛත්‍රී ඔයා කලබල වෙන්න එපා, මං ඔයාව මගේ අගමැති කරගන්නවා කියලා මෙලහට මේ ප්‍රශ්න ඔහොම වෙන්නෙ නෑ. හැබැයි අවසානයේ මොකද වුණේ ? රට බේරගත්ත නායකයා පරාද වුණා පක්ෂය දෙකට කඩන් ගිය එකේ ප්‍රතිඵලය විදියට.

අපේ මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කෙරුවෙත් දැන් ඔය ගෑවෙන්නවත් එපා කියන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාම තමයි. ඉතින් එතකොට මහින්ද මහත්තයාත් ගෑවිලා තියෙන්නෙ අන්තිමටම බලන් ගියාම" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

(LNW)