Monday, August 04, 2025
Follow Us
මගේ කේන්දරේ බලවත්…මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ.. විජේදාසගේ නීතිඥ පට්ටම ලගදිම ගලවනවා.. – රාජිත

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිවරයා තමන්ට මුදල් ලබාදුන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනාරත්න කියා සිටියා.

මුදල් සහ බලය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති පාවා දුන්නේ විජේදාස රාජපක්ෂ බවත් තමන් මුදලට හෝ බලයට තමන්ගේ ප්‍රතිපත්ති පාවා දී නැති බවත් රාජිත සේනාරත්න සඳහන් කළා.

2015.06 14 දින ලක්ෂ 50ක චෙක්පතකුත්, 2015.07.08 දින ලක්ෂ 50ක චෙක්පතකුත්, 2016.08.11 දින ලක්ෂ 50ක චෙක්පතකුත් හා ඉතිරි ලක්ෂ 50 මුදලිනුත් රාජිත සේනාරත්න වෙත ඇවන්ට්ගාඩ් සමාගම විසින් ලබා දී ඇති බව චෙක්පත් හා බැංකු වාර්තා උපුටා දක්වමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙන්වා දුන්නා.

ඒ අනුව රාජිත සේනාරත්න රුපියල් ලක්ෂ 200ක මුදලක් ඇවන්ට්ගාඩ් සමාගගෙන් ලබා ගෙන ඇති බවට විජේදාස රාජපක්ෂ චෝදනා කර තිබුණා.

මෙම චෝදනාවට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න කියා සිටියේ විජේදාස රාජපක්ෂගේ “ජනාධිපති නීතිඥකම” නොව “නීතිඥකම” පවා නඩු කියා ගලවන බවයි.

තමන්ට පහර දෙන එකෙක්වත් ඉතුරු නොවන බවත් තමන්ගේ කේන්දරය ඇතැයිද පැවසූ ඔහු ඉදිරියේදී විජයදාස රාජපක්ෂටත් වන්නේ එයම බව ද සඳහන් කළේය.

(Lanka Leads)