Monday, August 04, 2025
Follow Us
මුරලි දේශපාලන වේදිකාවට ගොඩවෙයි

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තම සහෝදරයා ජනතාවට සේවය කිරීමට දේශපාලනයට යොමු කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි.

මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දේශපාලනයට අකමැති වුවත් වැඩ කරන නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව තම සහෝදරයා මැතිවරණයට ඉදිරිපත් කරන බවද මුත්තයියා මෙහිදී තවදුරටත් සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතාගේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතා මැතිවරණයට ඉදිරිපත්ව සිටී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුත්තයි මුරලිදරන් මහතා පවසා සිටියේ, තමාට දේශපාලනය නොතේරෙන බවය.

තමා ක්‍රීඩකයෙක් වශයෙන් මිනිසුන්ට උදව් කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරන බව ද පැවසු මුරලිදරන් තමාට හෝ සහෝදරයාට කිසි දිනක මුදල් වැදගත් නොවන බවත් අවශ්‍ය වන්නේ, මහජනතාවට උදව් කිරීම පමණක් බවද පැවසීය.

(Lanka Leads)