Thursday, January 15, 2026
Follow Us
බැඳුම්කර ගනුදෙනු ගැන ප්‍රකාශ දෙන්න රනිල් සිකුරාදා රහස් පොලීසියට

යහපාලන රජය සමයේ සිදු වූ දූෂිත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බව දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි හිටපු අගමැතිවරයා වෙත සිදුකර තිබූ දැනුම් දීමකට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇත.

දූෂිත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් සහ හිටපු අගමැතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබුණේ නීතිපතිවරයා විසිනි.

(LNW)